මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තැපැල් ඡන්ද 13,405 ක් ලබා ගෙන ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස 6,165 ක් ලබා ගෙන තිබේ.
ජාතික ජන බල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක 987 ක්, ජාතික ජනතා පක්ෂයේ මහේෂ් සේනානායක තැපැල් ඡන්ද 113 ක් ලබා ගෙන ඇත.
මේ අතර ආරියවංශ දිසානායක මහතා ඡන්ද 17 ක් ලබා ගෙන ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව 20,807 ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 261 යි.
ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද සංඛ්‍යාව 21,068 යි.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 21,294 යි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතාට වඩා තැපැල් ඡන්ද 7240 ක් ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබා තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ගෝඨාට
2019-11-16T16:25:00-08:00
Lanka Hot News