gossip lanka news line gossip lanka news line
gossip lanka

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගාල්ලෙන්

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 25, 099 කින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනා ගෙන තිබේ.


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 9,093 ක්.

ජාතික ජන බල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබා ඇති ඡන්ද ප්‍රමාණය 2,450 ක්.

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 301ක්.

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඡන්ද 52 ක් ලබා ගෙන තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද සියයට 43.04 ක පරතරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය දිනා ගෙන ඇත.

ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 38,045 ක් වෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka