gossip lanka news line gossip lanka news line
gossip lanka

සජිත්ට හම්බන්තොටින් සියයට 25යි-ගෝඨාට දැවැන්ත ජයක්

2019 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්ක සමස්ත ප්‍රතිඵල සටහනට අනුව 66.17%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වී ඇත.

ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 278,804 කි.


මෙහි ඇති විශේෂත්වය නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ බලප්‍රදේශය හම්බන්තොට දිස්ත්‍රික්කය වීමයි.

කෙසේ වෙතත් ඔහුට හම්බන්තොටින් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඡන්ද 108,906 ක් පමණි.

එනම් 25.85%කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ බලප්‍රදේශ වන මුල්කිරිගල (67.73%), බෙලිඅත්ත (66.01%), තංගල්ල (69.53%) සහ තිස්සමහාරාම (62.55%) යන මැතිවරණ කොට්ඨාශ සියල්ලගේම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වී තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka