gossip lanka news line gossip lanka news line
gossip lanka

මුතුරාජවෙල වන සංහාර සහ කිඹුල් දඩයම ජයටම























වත්මන් දේශපාලන අර්බුදය අතරේත් මුතුරාජවෙල ආශ්‍රිත මහා පරිමාන වන සංහාර අනවසර ගොඩකිරීම් සහ මීගමු කලපුව ආශ්‍රිත කිඹුල් දඩයම ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති බව ප්‍රදේශවාසීහු කියති. මුතුරාජවෙළ සිදුවන මහා පරිමාණ පරිසර සංහාර සම්බන්ධයෙන් නිරන්තරව ලැබුණු පැමිණිලි මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ එහි ගොස් අනවසර ගොඩකිරීම් ඇතුළු සියලු
පරිසර සංහාර වැලැක්වීමට කටයුතු කළද ඉන් කිසිදු ප්‍රයෝජනයක්  අත්වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ අතර පසුගිය කාලයේ කිඹුලෙකු විසින් කාන්තාවක සපා කන ලදැයි යන පුවත මුල් කොට දඬුගම්ඔය මෝය, ජාඇල මෝය, හැමිල්ටන් ඇළ සහ මීගමු කළපුව ආශ්‍රිත කිඹුල් දඩයමක් සිදුවන අතර මේ වන විටත් එම කලාපයේ කිඹුල් පැටවුන් සලිකිය යුතු ප්‍රමාණයක් මරා දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මේ අතර එම කාන්තාව සපා කෑ බවට සැක කෙරෙන බව පවසමින් එක් කිඹුලෙකු මරා දැමූ පුද්ගලයන් පසුගිය සතියේ පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට පත් කොට දඩද නියම කොට තිබූ නමුත් මෙම පරිසර අපරාධ තවමත් ඉහළ මට්ටමක පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එමෙන්ම මුතුරාජවෙල අභය භූමිය මධ්‍යයේ යම් යම් ස්ථාන වල ලෑලි වලින් කුඩා ආවරණ ඉදිකොට ඒ සඳහා යාමට අඩි පාරක් ලෙස හඳුන්වමින් සුළු පරිමාණයෙන් කරනු ලබන ගොඩකිරීම් කල්යත්ම ටිපර් රථ යාමට හැකි පරිදි ගොඩකොට එම ටිපර් රථ වලින් ගෙනෙන පස් වලින් එම තෙත් බිමේ විශාල පුදේශ ප්‍රමාණයක ගොඩකරන බව ප්‍රදේශවාසීහු කියති.

මේ සඳහා මෙරට ප්‍රකෝටිපති ව්‍යාපරිකයකු සහ ඔහුගේ සහචරයෙකු වශයෙන් සැලකෙන පුද්ගලයකු මුල්වී ක්‍රියා කරන අතර එම පුද්ගලයා මීට පෙර මුතුරාජවෙල වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබූ පුද්ගලයකු බවද කියනු ලැබේ.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka