gossip lanka news line gossip lanka news line
gossip lanka

කවදාක්වත් දේශපාලනේට එක්වන්නේ නෑ - රොෂාන් මහානාම
























මා කිසිම දිනක දේශපාලනයට එක්නොවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.

තමා එළැඹෙන මැතිවරණයට තරග කරන බවට සමාජ මාධ්‍ය ජාල වල පලවී ඇති වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලෙස පවසා ඇත.

කිසිඳු මැතිවරණයකට තරග කිරීමේ අදහසක් තමා හට නැති බවත්, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිය උපරිමයෙන් රටට සේවය කළ තමා කිසිඳු
දේශපාලන කටයුත්තකට හවුල් නොවන බව ද හෙතෙම පවසා තිබේ.

වගකීමක් සහිත පුරවැසියෙකු ලෙස නීත්‍යානුකූල පූණ්‍යාධාර කටයුතු වලට සිය සහයෝගය නිතැතින් දැක්වුවද, දේශපාලනය යොදාගෙන තවත් පුද්ගලයෙකුගේ ජීවිතයකට වෙනසක් ඇති කිරීමට කටයුතු නොකළ යුතු යැයි සිය විශ්වාසය බවත් ඔහු සඳහන් කරයි.

එබැවින් ව්‍යාජ පුවත් මගින් ජනතාව නොමග යවමින් තමා ගේ නාමයට කැළලක් ඇති නොකර සිටින මෙන් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ඉංග්‍රීසි බසින් ඔහු පළ කළ නිවේදනය මෙසේය.

STATEMENT BY ROSHAN MAHANAMA

To my surprise, I have been informed that a false news item is circulating stating that I will be contesting in the upcoming elections. Please note that I have no intention of contesting any election and I am very disappointed that the social media is publishing incorrect information.

I have served my country to the best of my capacity as a cricketer and I want to be very clear that I will never get myself involved in any kind of political activity. I will always support valid charities as a responsible citizen, as I feel that one should not try to make a difference in someone’s life by using political means. I also wish to emphasize that my reputation matters and I have certain principles and values in life that I treasure.

Therefore, I am making a polite request to all social media users not to mislead the public and harm my reputation.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka