gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇරැව්වලින් කොල්ල කෑ කෝටි 700ක මැණික් මාකඳුරේ මධුෂ් ළඟ !
























මහරගම ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගෙන් කොල්ලකන ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමෙන් යුත් දියමන්ති ඇතුළු මැණික් ගල් තොගය කොල්ලකරුවන් විසින් ඩුබායි හි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා වෙත ගෙන ගොස් භාරදී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම මහා මැණික්‌ කොල්ලය මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින
මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මධුෂ් මෙම කොල්ලය මෙහෙය වූ බව හෙළි වී ඇත.

මෙම මැණික්‌ කොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පුළුල් විමර්ශනයක්‌ පවත්වාගෙන යයි.

මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මැණික්‌ ව්‍යාපාරිකයාගේ නිවසට ඉකුත් 05 වැනිදා පැමිණි ස්‌වීස්‌ ජාතිකයකු ඇතුළු පිරිසක්‌ කැරට්‌ 725 ක බරින් යුත් දියමන්තිය සහ තවත් මැණික්‌ ගල් තොගයක්‌ මිලට ගැනීමට සාකච්ඡා කරමින් සිට ඇත.

ඒ අවස්‌ථාවේ වෑන් රථයකින් පැමිණි පොලිස්‌ නිල ඇඳුම් සහ සිවිල් ඇඳුමින් සැරසුණු කණ්‌ඩායමක්‌ මැණික්‌ ව්‍යාපාරිකයා ස්‌වීස්‌ ජාතිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරමේ යෙදෙන බව කියමිනි.

පසුව දියමන්තිය සහ මැණික්‌ ගල් තොගය ද සිය භාරයට ගෙන ඇති සංවිධානාත්මක පිරිස විදේශිකයා ඇතුළු පිරිස ද පැහැරගෙන පලා ගොස්‌ ඇත.

ස්‌වීස්‌ ජාතිකයා ඇතුළු පිරිස මහරගම ප්‍රදේශයේදී අතහැර දැමූ සංවිධානාත්මක පිරිස දියමන්තිය සහ මැණික්‌ ගල් තොගය රැගෙන පලා ගොස්‌ තිබිණි.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීහු කොල්ලයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවටපත් සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී කොල්ලකන ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තියේ සහ මැණික්‌ ගල් තොගයේ ඡායාරූප කීපයක්‌ ද පොලිසිය විසින් හොයාගෙන ඇත.

සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ කොල්ලකන ලද දියමන්තියේ සහ මැණික්‌ තොගයේ ඡායාරූප ලබාගෙන ඒවා ඒ මොහොතේම ඩුබායි හි සිටින මාකඳුරේ මධුෂ්ගේ ජංගම දුරකථනය වෙත යෑවූ බවයි.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, පොලිස්‌ අධිකාරි සමන් පිගේරා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වේ.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka