gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද අගමැති කළේ ජනපති සහෝ ඩඩ්ලි ?























පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙස එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය අර්ථ කථනය කළ ද එයට වෙනත් සාධකද ඇති බව මේවන විට හෙළිව තිබේ.

ඒ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විසින් නිකුත් කරන ලද ෆේස්බුක් සටහනක් නිසාය.

උදයංග, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
සහෝදරයා වන ව්‍යාපාරික ඩඩ්ලි. සිරිසේන මහතාගේ උපන්දිනය වෙනුවෙන් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව අගමැති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන, අරලිය සහල් පුද්ගලික සමාගවේ අධිපති ඩඞ්ලි සිරිසේන මහතාට අපගේ ස්තුතිය හා සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු.” යැයි සටහනක් පල කර ඇත.

මේ අනුව, මහින්ද අගමැති කිරීම පිටුපස සිටින්නේ ඩඩ්ලිද යන්න පිළිබඳව කතිකාවක් පැතිර තිබේ.

කෙසේවුද, ජාතිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණේ තමා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය අගමැතිකම මාරු කිරීමට ප්‍රධාන හේතුව වූ බවයි.

ඩඩ්ලිගේ උපන්දිනයට උදයංග දැමූ ෆේස්බුක් පෝස්ටුව පහතින්

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka