gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රභාකරන්ගේ උපන්දිනයට සැමරුම් රැසක් - (photos)






















ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද (26) අලුයම යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ LTTE නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ
සදහන් කර සිටියා.

ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක වැඩිදුරටත් කියා සිටියා.

LTTE නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වනදා යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.

වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

LTTE සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට  එම සංවිධානය ‍කටයුතු කොට තිබූ අතර ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ (25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදීද පවත්වා ඇති බවයි  ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka