gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝටි 80ක ටෙන්ඩරයක් ගන්න ඇක්සස් දැමූ අණ්ඩරය !





















රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) හරහා ලබාදෙන විදෙස් මුදල් වෙනුවෙන් සහ විදෙස් රටවලින් ලබා දෙන සම්මාන උදෙසා චිත්‍රපට ඇතුලු කලා නිර්මාණ සිදු කරන පුද්ගලයන් පිළිබදව සමාජයේ කතාබහක් ඇතිව තිබේ. මෙහිදි මෙම පුද්ගලයන් මවුබිමට සහ රණවිරුවන්ට, සංඝ රත්නයට අපහාස කරමින් චිත්‍රපට ඇතුලු නිර්මාණ නිපදවන්නේ එම සම්මාන
සහ මුදල් වරප්‍රසාද ලබා ගැනීමට බවත් චෝදනා එල්ල වී තිබේ.

යුද්ධය මාතෘකා කර ගනිමින් රණවිරුවන්ට සහ මවුබිමට අපහාස කරමින් නිපදවන මෙම චිත්‍රපට උදෙසා දැන් දේශප්‍රේමී දෙමළ කලාකරුවන්ගෙන්ම විරුද්ධත්වයක් ඇතිවෙමින් තිබේ. ජනප්‍රිය රංගන ශිල්පිණි නිරංජනි ෂන්මුගරාසා සම්මාන සහ මුදල් උදෙසා  යුද්ධය විකුණමින් නිර්මාණ සිදු කරනවා යැයි කියන එවැනි අධ්‍යක්ෂකවරයෙකුගේ ක්‍රියාකලාපය පසුගිය දින දැඩිව විවේචනය කළේය.

මේ අතර එවැනි පසුබිමක මෙරට දෙමළ කලාකරුවෙකුට සහ සිනමාවේදියෙකුට සිදුවූ අසාධාරණයක් පිළිබදව වාර්තා වෙනවා. එනම් දශක තුනක් තිස්සේ දෙමළ ජනතාව පමණක් නොව රටේම ජනතාව පීඩාවට පත් කරමින් ත්‍රස්තවාදය පැතිර වූ කුරුරු ම්ලේච්ඡ මිනීමරුවා වේලුපිල්ලෙයි ප්‍රභාකරන් විවේචනය කරමින් දෙමළ සිනමාකරුවෙක් විසින්ම නිපදවූ චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ සිනමා උළෙලක වාරනය වූ පුවතක් ය.

ද්‍රවිඩ සිනමාකරුවකු වන ජූඩ් රත්නම් සිනමාවේදියා විසින් නිපද වූ "ඩීමන්ස් ඔෆ් ද පැරඩයිස්" චිත්‍රපටයෙන් වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ත්‍රස්තවාදියා විසින් ශ්‍රී ලංකාවට සිදු කළ විනාශය දැඩිව විවේචනය කර තිබේ. ත්‍රස්තවාදීන් විසින් දෙමළ ජනතාවගේ ජීවිතය සහ නිදහස විනාශ කළ අයුරු ද්‍රවිඩ ජනවාර්ගිකයෙක් ලෙස තමන් දුටු අයුරු මෙම සිනමා කෘතියෙන් ජූඩ් රත්නම් විස්තර කර තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල යාපනයේ පැවැත්වෙන සිනමා උළෙලකින් ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය ඉවත් කර තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් (N.G.O) පිරිසක් විසින් මෙම චිත්‍රපට උළෙල යාපනයේ සංවිධානය කරනවා. කොටි ත්‍රස්තවාදී සංවිධානය සහ ප්‍රභාකරන් ත්‍රස්තවාදියා විවේචනය කළ සිනමාපටයක් වීම නිසා ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය මෙම සිනමා උළෙලින් ඉවත් කර තිබෙන බවට ජූඩ් රත්නම් චෝදනා කර සිටිනවා.

මින් පෙර ආගම් වලට අපහාස කළ පොත් සහ ගුවන් විදුලි නාට්‍ය කිහිපයකට එරෙහිව වාරනයන් පැනවීමට යාමේදි රැඩිකල් කලාකරුවන් යැයි කියාගන්නා පිරිසක් වාරනයට එරෙහිව බොහෝ දේ කළ නමුත් ඔවුන් ජූඩ් රත්නම්ගේ සිනමා නිර්මාණය වාරනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් නිහඩ වීම සමාජජාලා මාධ්‍යවලද දැඩි ලෙස කතාබහට ලක්වී තිබුනා.

එහිදි ඔවුන් සදහන් කර තිබුනේ ජූඩ් රත්නම් මෙම සිනමා නිර්මාණයෙන් කොටි ත්‍රස්තයන් විවේචනය නොකර රණවිරුවන් විවේචනය කළා නම් ඔහුට සම්මානද ලබා දීමටද රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වන බවයි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka