gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති හා සජිත් අතර රහසිගත හමුවක්!























ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ රහසිගත ලෙස හමුවී තිබේ.

පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට
හසුනොවන පරිදි පස්සා දොරිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප ආරංචි මාර්ග අනාවරණ කරන පරිදි එම හමුවේදී සාකච්ජා කෙරුණු කිසිවක් ඔහු  කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බව සඳහන්.

කෙසේවෙතත් ඊයේ (30) එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති "යුක්තියේ ජනහඬ" විරෝධතා රැළියටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අතර එහිදී විශේෂයෙන් සිය පාක්ෂිකයන් වෙත අවධාරණය කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට පවා තමන් සුදානම් බවයි.

"මගේ තාත්තා 1993 වසරේ මැයි මාසේ පළමු වැනිදා ජීවිතය පූජා කළේ කම්කරු ජනතාව වෙනුවෙන්. මම අද ආවේත් මරණයට මුහුණ දෙන්න. බෝම්බ කන්න ලෑස්තියි, වෙඩි කන්න ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ලෑස්තියි. මගේ හැම ලේ බිඳුවක්ම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මගේ නහරයක් නහරයක් පාසා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳයි. මම කුඩුවෙලා කුඩුපට්ටම් වී ගියත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා"

මෙලෙස රැළිය ඇමතූ සජිත් ප්‍රේමදාස රාත්‍රියේ  හොර රහසේ ජනාධිපතිවරයා හමුවී සිදුකළේ කුමක්දැයි යන්න දැන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රේහේලිකාවක් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් යම් කළකිරීමක සිටි වසන්ත සේනානායක මහතාවද අරලියගහ මන්දිරයට රැගෙන විත් තමන් පක්ෂය හැර දමා නොයන බවට වසන්ත සේනානායක මහතා ලවා මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ද සජිත් ප්‍රේමදාස මහතාය.

එහිදී පවත්නා දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ නැවත වරක් යහපාලනය ආණ්ඩුව වුව පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

නමුත් පසුවදා වසන්ත සේනානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ අනුව දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීමද ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වාදෙන එජාප පාක්ෂිකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි.

- lankanewsweb

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka