gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි.. (Video)





















හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් සිදු කරන ප්‍රකාශයයන් වවල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු ඊයේ දිනයේ
දැඩි විරෝධය පළ කළහ.

කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ඒ සඳහා එක් වේදිකාවක් මත සිට විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔවුන් විසින් වෙල්ගම මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කලහ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යන්න එපා යැයි වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවත් සටන මොට කිරිම සඳහා රනිල්ගේ සටන්පාඨ අපගේ වේදිකාවේ කතා නොකරන ලෙසත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ කොහෙවත් යන නර පණුවන් රෙද්දකට ගැට ගහගන්න උන් අද විවිධ කතා කරගෙන යන බවත් මෙච්චරකල් ඉවසා සිටිය ද තවත් ඉවසීමට සූදානම් නැති බවත්ය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka