gossip lanka news line gossip lanka news line
gossip lanka

යළි පොදු අපේක්ෂකයෙක්! පක්ෂයකට සම්බන්ධ නෑ! විජේසූරිය රහසක් හෙළිකරයි!






















රටට නැවත පොදු ජනාධිපති අපේක්‌ෂකයකු අවශ්‍ය බව ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය පවසනවා.

ඔහු කවුද යන්න නිසි වේලාවට හෙළිදරව් කරන බවයි මහාචාර්යවරයා
වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2015 ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය කළ පොදු අපේක්‌ෂකයා නිර්පාක්‌ෂික නොවූ බව පෙන්වා දුන් ඔහු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා නැවත නිර්පාක්‍ෂික පොදු අපේක්‌ෂකයකුගේ පාලනයක්‌ රට තුළ ඇති කළ යුතු බව ද පැවසුවා.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව කාර්යාලය රාජගිරියේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් මහාචාර්ය සරත් විඡේසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ විවිධ අපරාධවලට සහ බරපතළ වංචා දූෂණවලට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමේ දී වත්මන් ජනාධිපතිවරයා සිදුකරන දුරකථන ඇමතුම් නිසා ඔහුගේ නිර්පාක්‌ෂිකභාවය නැතිවී ඇති බව යි.

එමෙන්ම අගමැතිවරයා විසින් රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරුවලට තම ගජ මිතුරන් පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇතිකිරීමට නොහැකි වී ඇති බව ද විඡේසූරිය මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

එම නිසා යම් නීතියකට අනුව මහජන මුදල් වලින් විශ්‍රාම වැටුප් නොගන්නා, වාහන බලපත්‍ර නොගන්නා න්‍යාය පත්‍රයක්‌ ඇති නිර්පාක්‍ෂිකයකු ජනාධිපති ධුරයට පත්විය යුතු බවත් සෝභිත හිමියන්ගේ ක්‍රමවේදය අනුව නිසි වේලාවට එම පොදු අපේක්‍ෂකයා හෙළිදරව් කරන බවත් මහාචාර්ය සරත් විඡේසූරිය වැඩිදුරටත් පවසා සිටියා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka