gossip lanka news line gossip lanka news line
gossip lanka

“හොර තක්කඩියෙක්, පෙරේත බල්ලෙක්” – අතීතය සිහි වී එස්බීට මළ පනියි (හඬපට සහිතයි)





















හිටපු අමාත්‍ය එස්බී දිසානායක විසින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා
පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කළා.

ඒ ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර විකාශය වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී.

සරත් එන් සිල්වා යනු ඉතා දූෂිත තැනැත්තෙකු බවත්, ඔහු අතිශයින් පිරිහුණු අයෙකු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම ඔහු හොරෙක්, තක්කඩියෙක් බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

“එයාව අග්‍රවිනිශ්ච්‍යකාරයා කරන්න මමත් දායක වෙච්ච මිනිහෙක්. ඒ කාලේ අපේ මිත්‍රයෙක්. හැබැයි හොර තක්කඩියෙක්, පෙරේත බල්ලෙක්” යනුවෙන් එස්බී දිසානායක එහි දී ප්‍රකාශ කළා.

එමෙන්ම උසාවියට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළ බවට තමාට සිරදඬුවම් නියම වීම පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කරමින් එස්බී දිසානායක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේ එම සිරදඬුවම ලබා දීමට පෙර අගවිනිසුරු සරත් එන් සිල්වා තමාට දුරකතන ඇමතුමක් ලබා දුන් බවයි.

තමාට ලබා දෙන්නේ අත්හිටවූ සිරදඬුවමක් බවට එහි දී ඔහු පැවසූ බවත් එහෙත් නඩුවේදී ඔහු තමාව සිරගත කළ බවත් එස්බී දිසානායක සඳහන් කළා.

ඔහු සරත් එන් සිල්වා පිළිබඳව පළ කළ සම්පූර්ණ අදහස රැගත් හඬපටය පහතින්…

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka