gossip lanka news line gossip lanka news line
gossip lanka

රණවිරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම හිමි වෙයි - චෝදනාව ත්‍රස්ත සැකකරුවෙකු ඝාතනය කිරීම






















යාපනය තිරිනල්වේලි  ප්‍රදේශයේදි ත්‍රස්තවාදියෙකු බවට සැකකල පුද්ගලයෙකු ඝාතනය කිරිමේ  චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වැනි සේනාංකයට අයත්  512 බල සේනාවේ  සේවයේ නියුතු යුධ හමුදා මේජර්වරයෙකුට සහ සැරයන්වරයෙකුට ඊයේ (08) මරණ දඩුවම නියම කර තිබෙනවා.ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු
එම්.ඉලංචේලියන් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර චෝදනා ලැබ සිටි තවත් යුධ හමුදා කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

යාපනය, වට්ටවාන් ප්‍රදේශයේ පදිංචිව සිටි ඥානසිංහම් ඇන්ටන්  ගුණසිංහම්  නැමැති පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙක් යැයි  සැකපිට  රැගෙන ගොස් 1998 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ඝාතනය කළ බවට කෝපායි පොලිසිය චුදිතයන්ට  එරෙහිව චෝදනා ගොනුකර තිබුනා. පසුව චුදිතයන් කල අභියාචනයක් අනුව මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර නීතිපති ගොනු කල අධි චෝදනා මත නැවත මෙම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමුකර තිබුනා.

චුදිතයන් විසින් මෙම නඩුව වෙනත් මහාධිකරණයකදි විභාග කරණ ලෙස කල ඉල්ලිමකට අනුව මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග කිරීමට තීරණය කර ඇති අතර එහිදී දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනිමැරිම යන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල බව විවෘත අධිකරණයේදි ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා  නැමැති අයටයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka