gossip lanka news line gossip lanka news line
gossip lanka

රියදුරන්ට පොලිසියෙන් දඩ කොල නෑ.. සියළු වැරදි උසාවියට.. දැන් ක‍්‍රියාත්මකයි..





















පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රථ වාහන සම්බන්ධ වරදක් සිදුකරන ලබන රියදුරෙකු හට අදාල වරදේ ස්භාවය අනුව නඩුවක් වෙනුවට දඩයක් නියම කිරීම( ආකෘතිපත් අංක පොලීසිය 375) සාමාන්‍යයෙන් අප රට කාලයක් අනුගමනය කරන ලද 
ක්‍රමවේදයයි. ඒ අනුව රියදුරෙකු හට මුලින්ම තාවකාලික රියදුරු  බල පතක් නිකුත් කරන අතර බොහෝ විට ඒ සමග දඩකොලයක් නිකුත් කරනු ලබයි. අදාල පුද්ගලයා විසින් එම දඩ මුදල තැපැල් කාර්යාලයකට ගෙවා අදාල රිසිට්පත පොලීසියට ඉදිරිපත් කල පසු එම රියදුරාගේ රියදුරු   බල පත නැවත ඔහු වෙත ලබා දෙනු ලබයි.

එහෙත් මෑතක සිට පොලිසිවල දඩ කොලවල හිගයක් ඇති බව පවසා නඩුවක් වෙනුවට දඩකොලයක් ලබා නොදී අදාල වරදකල රියදුරා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරනු ලබයි.

ජනතාවට සිදුවන මෙම අසාධාරණය පිළිබදව අප විසින් කල සොයා බැලීමකදී තහවුරු  වූයේ බොහෝ පොලීසිවල දඩ කොළ ලියනු ලබන පොත් වල හිගයක් ඇති බවයි.

ශ්‍රී ලංකා පොලීසියේ කළමණාකරන දුර්වලතා නිසා පීඩාවට පත් වන්නේ මහජනයා වන අතර මෙම දඩකොල පත් හිගය නිසා මහජනතාව හා පොලීසිය අතර ආරවුල් ඇති වූ අවස්ථා පවා වාර්තා වී ඇත.

හුස්ම ගත් වසර තුනක් යන තේමාව යටතේ වසර තුනක පාලන කාලය සමරන රජයට අපහට කීමට ඇත්තේ මෙම වසර තුන තුල හුස්ම ගෙන ඇත්තේ මහබැංකුව කැඩූ හොරැ රැල හා මෙරට සමහර මැති ඇමතිවරුන් පමණක් බවත් ජනතාවගේ තිබුනු හුස්ම ටිකත් මෙවැනි අසාධාරණ වලින් ගිලී හී ගිය බවත්ය.

දඩ කොළ හිගයට විසදුම් දෙන තෙක් රථවාහන වැරදි කරන රියදුරන්ගේ හුස්ම හිර නොකොට ඒ සදහා විසදුම් කඩනමින් ලබා දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka