gossip lanka news line gossip lanka news line
gossip lanka

සුජීව සමඟ ඇතිවූ පැටලිල්ල ගැන දිල්කා කියයි





















දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන 360 දේශපාලන වැඩ සටහන සඳහා පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගීවීමේදී එම වැඩසටහන මෙහෙය වන්නන් සමඟ පැටලී උණුසුම්කාරී තත්ත්වයක් මතු කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතා බහක් ද ඇති කළේය.

සති අන්ත පුවත්පතක් එම වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මේ සිදුවීම පිළිබඳව ඇසූ
පැනයකට ඇය පිළිතුරු ලබා තිබුණේ මෙලෙසිනි.

මීට සති දෙකකට පමණ කලින්, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගි වූ 360 වැඩසටහන ඉතා උණුසුම් ස්වරූපයකිනුයි අවසන් වුණේ. ඔබ සහ අනෙක් මාධ්‍යවේදියා එම වැඩසටහන මෙහෙයවූ ආකාරය ගැන, වැඩසටහනෙන් අනතුරුව සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචනද එල්ල වී තිබුණා. එම විවේචන සම්බන්ධයෙන් ඔබට මොනවාද කියන්න තියෙන්නේ ?

360 වැඩසටහනේ ඉතිහාසය පුරා විවිධ දේශපාලකයන් සහභාගි වූ වැඩසටහන් විවිධ විදිහට කතාබහට ලක්වුණා. හැම වැඩසටහනකටම ඒ වගේ විශාල අවධානයක් ලැබෙන්නේ නැහැ. නමුත් සමහර දේශපාලනඥයෝ සහභාගි වෙන වැඩසටහන් ගැන පසුදා වෙද්දී කොහොමටත් සමාජයේ කතිකාවක් ඇති වෙනවා. සුජීව ඇමැතිතුමාත් එවැනි කෙනෙක්. ඔහු සහභාගි වූ හැම 360 වැඩසටහනක් වගේම අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඇති වූ මත ගැටුමකටත් මීට කලින් විශාල අවධානයක් ලැබුණා. ඒත් මම දැක්කා මේ අවස්ථාවේදී ඒ ගැන කතාබහ වෙනදාටත් වඩා දුරට පැතිරිලා තිබෙන බව. සමහර විට සුජීව සේනසිංහ මහතා ගැන මේ දිනවල පැතිරෙන ප්‍රවෘත්තිත් ඊට බලපාන්න ඇති. එතැනදී සමහරු කියනවා ඇමැතිතුමා නිවැරදියි කියලා. තවත් සමහරු කියනවා මමත් අනෙක් මාධ්‍යවේදියාත් නිවැරදියි කියලා. ඒක ඒ අයගේ මතය. ඒ අදහස් දිහා මම බොහොම උපේක්ෂා සහගතව තමයි බලන්නේ.

ඒ කියන්නේ 360 වැඩසටහන මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ඔබට ඇතැමුන් එල්ල කරන චෝදනා ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ කියන එකද?

මම කවදාවත් මා ගැන වෙබ් අඩවිවල පළවෙන කමෙන්ට් කියවන්නේ නැහැ. හැබැයි මාව ළඟින් ඇසුරු කරන අය ඒවායේ මා ගැන යමක් පළවෙලා තිබුණොත් ඒ ගැන මට කියනවා. ඒවාට උත්තර නොදෙන්නේ ඇයි කියලා මගෙන් අහනවා. නමුත් මගේ හෘද සාක්ෂියට එකඟව මට දැනෙනවා නම් මම කරන දේ නිවැරදියි කියලා ඒ ගැන සමාජය මොනවද කියන්නේ කියන එක ගැන හිතලා මම කනගාටු වෙන්නෙ නැහැ.

-srilankamirror
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka