කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා ඉන්ධන රැගෙන යන නළ පහෙන් තුනක්ම අක්රිය වී ඇතැයි වාර්තා වේ.
දැනට තෙල් පොම්ප කරනු ලබන අනෙක් නළදෙකද පවතින්නේ අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ බව පැවසේ.
කෙසේවුවද, වරායේ සිට තෙල් පොම්ප කිරීමට නළ 09ක් තිබී ඇති අතර ඉන් 04ක් ඉංග්රීසි පාලන සමයේ එළන ලද ඒවාය.
අනෙක් පහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ සමයේ එළනලද ඒවා බව පැවසේ.
කෙසේවුවද, මේවන විට ප්රයෝජනයට ගනිමින් තිබෙන්නේ ඉංග්රී කාලයේදී එලන ලද නළ හතර අතරින් දෙකක් බවද වාර්තා වේ.
අගල් 10 සුදුනළය, අගල් 10 රතු නලය, අගල් 10 ගෑස් ඔයිල් නළය හා අගල් 14 කඵ තෙල් නලය යන නල මාර්ග ඉංග්රීසි පාලන සමයේදී 1920 වර්ෂයේදී එළා තිබේ.
වසර 1968දී නැප්ටා 12 1/3 නලය සංස්ථාව ආරම්භ සමයේ එලා ඇත.
දැනට වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා තෙල් ගොඩ බෑමට යොදාගන්නේ අග්ල 10 ගෑස් ඔයිල් නළය හා අගල් 14 කඵ තෙල් නලය බව පැවසේ.
එම නළ දෙක වසර 90ක් පැරණි ඒවා වන අතර ගෑස් නළය අලුත්වැඩියා නොකොට භාවිතා කිරීම අනතුරකට අතවැනීමක් බවද ඒ සම්බන්ධ ප්රවීණයෝ කියති.
සපුගස්කන්දට තෙල් ගහන නළ 5න් 3ක් වැඩ නෑ !
2017-12-07T20:24:00-08:00
Lanka Hot News
Lanka Hot News|