වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ වකුගඩු රෝගීන් සඳහා 2015 හා 2016 වසරවල අයවැයෙන් වෙන් කළ රුපියල් හැට දෙකෝටි තිස් අට ලක්ෂ පනස් එක් දහසක මුදලක් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය විසින් එම ප්‍රතිලාභීන්ට නොගෙවා නිෂ්කාර්යයේ පවත්වාගෙන ගොස් ඇත.
මේ බව හෙළිදරව් කරනු ලබන්නේ රජයේ ගිණුම් කාරක සභාව විසින්
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිවුවැනි වාර්තාව මගිනි.
අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 2015 අයවැය මගින් රුපියල් දෙදහසක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරන ලදී. එම රුපියල් දෙදහසක දීමනාවෙන් රුපියල් සියයක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමකට බැර කර ඉතිරි 1800 ක මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ගෙවන ලදී.
වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර කරන ලද්දේ වැඩිහිටි සුබසාධනය අරමුණිනි.
2016 දෙසැම්බර් 31 දක්වාත් ඉන් පසුවත් මෙසේ එකතු වූ මුදල රුපියල් හතළිස් හතර කෝටි තිස්හතර ලක්ෂ හතළිස්පන් දහසකි.
එහෙත් මෙම මුදලින් කිසිම සුබසාධන කටයුත්තක් අමාත්‍යාංශය විසින් සිදු කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශ කර සිටී.
පොරොත්තු ලේඛනයේ රෝගීන් 2711ක් !
එමෙන්ම 2015 සහ 2016 අයවැය ඇස්තමේන්තු මගින් වකුගඩු රෝගීන්ට ආධාර කිරීම සඳහා වෙන් කළ මුදලින් රුපියල් දහ අට කෝටි හාරලක්ෂ පන්දහසක මුදලක් රෝගීන්ට ගෙවා නැත.
මෙම මුදල රෝගීන් 5011 දෙනකුට ගෙවීමට ප්‍රමාණවත් වූ අතර ඒ වනවිටත් පොරොත්තු ලේඛනයේ රෝගීන් 2711 දෙනකු සිට ඇතත් ඔවුනට මෙම ආධාර මුදල ගෙවා නැත.
මුදල් තිබියදීත් වකුගඩු රෝගීන්ට මෙම ආධාර මුදල නොගෙවීම සම්බන්ධව ගිණුම් කාරක සභාව අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගෙන් ප්‍රශ්න කර ඇත.
(දිවයින)
වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ
2017-12-14T22:19:00-08:00
Gossip Lanka Hot News
Lanka Hot News|