ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ දරුණු ලෙස පරාජයට පත්වීමට හේතුවූයේ විදේශ රටක් විසින් සිදුකරන ලද කොඩිවින හේතුවෙන් බව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අනාවැකි කියන්නියක් යැයි පවසන ගංගා සුදර්ශනී මහත්මිය සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.
ඒ ගැන තමන් 2011 වසරේ සිට අනාවැකි පැවැසූ නමුත් මෑතක් වනතුරු
කිසිදු බලධාරියෙක් ඒ පිළිබඳව නිසි අවධානය යොමුකළේ නැතැයි ද ඇය සඳහන් කර ඇත.
කෙසේවුවද, වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමුකර තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ එම කරදරකාරී බලපෑම් ඉවත් කිරීමට තමන්ට හැකියාවක් පවතින බව පැවසුවේ යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ කාලය පැමිණෙමින් ඇතැයි පැවසිය හැකි බවද ගංඟා සුදර්ශනී මහත්මිය එහිදී සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප ක්‍රිකට් ප්‍රවීනයකුගෙන් කළ විමසීමකදී කියා සිටියේ පේන බලා මැච් දිනන් හැකි නම් ක්‍රිකට් ක්‍රීඩකයෝ පුහුණුවීම්ද කිරීමට අවශ්‍ය නැති බවයි. එසේ නම් බඩ ඇතැයි කී ක්‍රිකට් තරුවට ද ඔය පේනයක් බලා කණ්ඩායමට ඇතුළු කරගැනීම හොඳ බවද කී ඔහු මිත්‍යාව ක්‍රිකට් පිටියට ද පැමිණීම සම්බන්ධයෙන් තමා කනගාටු වන අතරම දැඩි දුකක්ද ඇති වූ බව කීය.