බෞද්ධ දාගැබ කඩා දමා හින්දු කෝවිලක් හදලා - දෙමළ සන්ධානය වවුනියාවේ විනාශකාරී ක්‍රියාවක!























වවුනියාවේ සමලන්කුලම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ග්‍රහණයට නතු කර ගැනීමට හින්දු පූජකයන් පිරිසක් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය නොවැම්බර් 3 දා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් මෙම පුරාවිද්‍යා ස්ථානයට පැමිණ කෝවිලක් සංවර්ධනය කිරීම සඳහා මුදල් ආධාර සපයා දීමත් සමගම
කෝවිලේ කටයුතු සංවර්ධනය කිරීමට ඉපැරණි බෞද්ධ නටබුන් කඩා ඉවත් කොට තිබේ.

කෙසේ වෙතත් එවැනි සිදුවීමක් වාර්තා වූ වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසට බලධාරීන් විසින් පුරාවිද්‍යා නිළධාරීන්ට සහ ආරක්ෂක අංශයන්ට මින්පෙර උපදෙස් දී තිබිනි. ඒ හේතුවෙන් මෙම විනාශය වැළැක්වීමට සිදුවීම වාර්තා වූ විගස පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.

එවිට එම නිළධාරීන් පිරිසට පුරාවිද්‍යා ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින හින්දු පූජකවරු ගම්වාසීන් එක්ව පහර දීමකට උත්සාහ කොට තිබෙන බව වාර්තා වෙනවා.

වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයකි. යුද සමයේදී නිලධාරීන්ට එම ප‍්‍රදේශයට යාමට නොහැකි වූ නිසා හින්දු පිරිසක් එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන හින්දු කෝවිලක් ඉදිකොට ඇත්තේ 1985 වසරේදීය.

සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි දාගැබක් හා නටබුන් පිහිටා තිබේ.

No comments:

Powered by Blogger.