අගමැතිගේ කැබිනට් යෝජනාව ජනපති ඉවත දමයි





















කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉන්දීය සහ ජපන් ආයෝජකයන්ගේ සහාය ඇතිව රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතා පදනමෙන් කි‍්‍රයාත්මක කරගෙන යෑම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (16 දා) පැවති කැබිනට් මණ්ඩල

රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
ප‍්‍රතික්‍ෂේප කර ඇත.


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ලංකා වරායේ අධිකාරිය යටතේම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මේ වන විට නැගෙනහිර පර්යන්තයේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යැම සඳහා එකඟතාව පළකර ඇති විදේශීය රටවල් එසේ වුවහොත් අප රට සමග අමනාප වනු ඇතැයි අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි මහතා සමග තමන් සාකච්ඡා කර ඇති බවත් අනෙක්‌ රාජ්‍යයන් සමග වුවද ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා කර ගැටුමක්‌ ඇති නොවනසේ ප්‍රශ්නය විස¹ගත හැකි බවත් ජනපතිවරයා මෙහිදි පවසා තිබේ.

එසේ නම් ඒ පිළිබඳව තව දුරටත් එම ආයෝජකයන් සමග සාකච්ඡා කර තීරණයක්‌ ගැනීම සඳහා සති දෙකක කාලයක්‌ ලබා දෙන ලෙස අගමැතිවරයා එහිදී යළිත් ඉල්ලීමක්‌ කර තිබේ.

සති දෙකක්‌ නොව සතියක පමණ කාලයක්‌ ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලික සමාගම්වලට පැවරුව හොත් වරාය අධිකාරිය තව වසර 05 ක්‌ යනවිට වසා දමන්න සිදුවනු ඇතැයි වරාය සහ නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16 දා) පැවති කැබිනට්‌ හමුවේදී මෙම අදහස්‌ හුවමාරු වී ඇත.

- දිවයින

No comments:

Powered by Blogger.