"පන්සලේ රිංගන් ඉන්නේ නැතිව ජාතික සටනට එන්න" - මර්වින්ගෙන් සංඝරත්නයට ආරාධනාවක්





















දිගින් දිගටම සිංහල බෞද්ධයන්ට අඩන්තේට්‌ටම් සිදුවන බව පෙනෙන බවත් ආණ්‌ඩුව කටයුතු කරන්නේ විදේශ රටවල් සතුටු කරන්නට බවත් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 හිටපු ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා (28 වැනිදා) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය අසලදී මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමිනි. එහිදී සිල්වා මහතා මෙසේ ද කීහ.

 මම හොඳ සිංහල බෞද්ධයෙක්‌. සිංහල බෞද්ධයන් වශයෙන් අපිට තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අපිට ලෝකයේ වෙන රටක්‌ නැහැ. මේ බෞද්ධ ධර්මය  පැවැතුන රට. අපේ බුදුන් වහන්සේගේ ධාතු
පරිනිර්වාණය වන්නේ අනුරාධපුරයේදී. එම අවසාන ධාතු පරිනිර්වාණය බලන්න නම් කහ චීවරය මහා සංඝරත්නය අපි ආරක්‌ෂා කළ යුතුයි. මහා සංඝරත්නය ආරක්‌ෂා කරන්න නම් සිංහලයා ජීවත් වෙන්න ඕන. සිංහලයාත් සංඝරත්නයත් ආරක්‌ෂා වුණොත් බෞද්ධ ධර්මය රැකෙනවා.

 මේ ආණ්‌ඩුවේ බෞද්ධයො කියා ගන්නා පිරිසක්‌ තමයි රට පාලනය කරන්නේ. නිතරම හාමුදුරුවන්ට වඳිනවා. පිරිත් නූල් බඳිනවා. උත්සවවලට යනවා. හිටපු කට්‌ටියත් එහෙමයි. කොත නිවාරණය කරනවා. නමුත් මේ කිසිම කෙනෙක්‌ගෙ පේන්නෙ නැහැ සිංහලකම හා බෞද්ධකම ආරක්‌ෂා කරනවා. දිගින් දිගටම කරන්නේ සිංහලයාට, බෞද්ධයා අඩන්තේට්‌ටම් කිරීම පමණයි. ආණ්‌ඩුව කොටියා සතුටු කරන්නයි විදේශ රටවල් සතුටු කරන්නයි මේ උත්සාහ කරන්නේ.

 එදා වීරපුරන්අප්පු සහ ගොංගාලෙගොඩ බණ්‌ඩා කළ උරුමයක අරගලය අද කරන්න වෙලා තියෙන්නේ මහාසංඝරත්නය සමඟ එකතු වෙලා අපිටයි. එනිසා මහා සංඝරත්නට ආරාධනා කරනවා පන්සල්වල හිටියා ඇති, ජාතිය ආගම වෙනුවෙන් මේ ජාතික සටනට නායකත්වය දෙන්න. මතිමතාන්තර අයින් කරලා මේ ජාතික සටනට එන්න. නැතිනම් ඉතිහාසයේ ලියයි හාමුදුරුවෝ නිකන් හිටියා කියලා.

 මේ ආණ්‌ඩුව බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්නයි. විධායකය ඉවත් කරලා, සෝභිත හිමිගේ සිහිනය සැබෑ කරන්නයි. ඒකට හරියන්නම උගත්තු කියලා පිරිසක්‌ හිටියා. මිනිස්‌සු ආශ්‍රයකින් තොරව කාමරවල ඉන්න ඒ පිරිස ගැන කතා කිරීම හිරිකිතයි. ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා රණවිරුවන් හිර කරන දේවල් කරන්න එපා. ගෞරවනීය රණවිරුවනි මෙවැනි රට පාවා දෙන ආණ්‌ඩුව තුළ තනතුරු නොගෙන අපිත් එක්‌ක රට බේරා ගන්න පාරට බහින්න එන්න කියලා ආයාචනය කරනවා.

- දිවයින

No comments:

Powered by Blogger.