ෆොන්සේකා හමුවෙන්න T-56 අරගෙන යා යුතුයි.. ෆොන්සේකා-තෙවරප්පෙරුම සල්ලාලයන්..






















වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හැසිරෙන්නේ සල්ලාලයන් දෙදෙනෙකු වගේ යැයි සුරකින ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර
හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ නමැති නම් මෙලහටත් මෙම ඇමති දෙපල විසින් සිංහරාජයේ අලි දෙදෙනා මරා දමා අවසන් බවද උන්වහන්සේ පවසති.

සරත් ෆොන්සේකා ඇමති සමග කතා කිරීමට නම් යන්න ඕනෑ T-56ක් අරගෙන බවද උන්වහන්සේ කීහ.

කිසිම හිතක් නැති හමුදා කාරයෙක් එකපාරටම මේ විෂයට පැමිණ හමුදාවේ ආකාරයට ප්‍රශ්න විසඳන්නට යන බව ද උන්වහන්සේ චෝදනා කරති.

තමන්ට හරිතවාදය කියාදුන් ඇමතිවරු අද අරුවක්කාල් ඒ කුණු දමන බවත් ඔවුන් ඉන්නේ සරම ඇඳන් දැයි ප්‍රශ්නයක් තිබෙන බව උන්වහන්සේ උත්සව සභාවක් අමතමින් පැවසූහ.

ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති අධක්‍ෂ ධුරයක්ද දරයි.

No comments:

Powered by Blogger.