ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…






















ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක
හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

ඒ නිසා වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Powered by Blogger.