යුද්දය අන්තිම සති දෙකේ කොටි ගහයි කියා මහින්ද, ගෝටා, ෆොන්සේකා රටින් පිටවුනා.. වැඩබලන ආරක්‍ෂක ඇමති ලෙස යුද්දය මෙහෙයවූයේ මමයි..- ජනපති මෛත‍්‍රී ඇමරිකාවේදී කියයි.. (Video)





















කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් ගෙනගිය යුද්ධයේ අවසාන සති දෙක පිළිබඳව සියලු දෙනාටම වඩා හොදින් කරුණු දන්නේ තමන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම කාලයේ දී තමන් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ බවද හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා එම
කාලයේදී ලංකාවේ නොසිටි බවද සඳහන් කරයි.

එල්ටීටීඊ සංවිධානය අවසන් සටන පසු නොබසින බවත් දකුණු ඉන්දියාවෙන් හෝ වෙනත් කොහේ හෝ සිට පැමිණ උඩින් බෝම්බ දමා කොළඹ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට රජයට ලැබී තිබූ තොරතුරු මත ඔවුන් රටින් පිටව ගොස් සිටි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තමන්ද එම අවසන් සති දෙකේ කොළඹ නොසිටි බවත් රටේ තැන් තැන් වල සිටි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කලේ ඇමරිකාවේ නිවුයෝක්හිදී එරට වෛසන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

No comments:

Powered by Blogger.