ක්‍රිකට් ටිකට් 800 ඇමතිගේ ආධාරකරුවන්ට නොමිලයේ දීලා





















ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගියදා නිමාවට පත් වූ ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය හිතවතුන්ට ටිකට් පත් 800ක් ලබාදී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (16දා) පැවසීය.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර්
මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ  ටිකට්පත් නිකුත් කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙය රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් බැවින් රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් සේමසිංහ මහතා පවසා සිටියේය.

- අද


No comments:

Powered by Blogger.