ව්‍යාජ පුරුෂ ලිංග දෙකක් සමග ලංකාව වටේ යන SI කෙනෙක් කෑගල්ලේදී කොටුවෙයි























ව්‍යාජ පුරුෂ ලිංග දෙකක් සමග ලංකාව පුරා ගමන් කරන  විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

උසස් පෙළ විභාගය අවසන් කර පෙරේදා (15දා) සිය නිවෙස් කරා ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවන් හට වයරයකින් ඉණේ බැඳ ව්‍යාජ පුරුෂ ලිංගයක් ප්‍රදර්ශනය කරමින් සිටි මෙම විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයා ජනතාව විසින් අල්ලා කෑගල්ල
මූලස්ථාන පොලිසියට භාරදී තිබේ.

මෙලෙස පොලිසියට භාරදී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි විශ්‍රාමික තිදරු පියෙකි.

පොලිසියට භාරදී ඇති පුද්ගලයා පෙරේදා (15දා) සවස කෑගල්ල නගරයට ආසන්න ප්‍රදේශයක මාර්ගය අසල සිය යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිට ඉණේ බැඳ සිටි අඟල් 12ක් පමණ දිග ව්‍යාජ පුරුෂ ලිංගයක් උසස් පෙළ නිමවී ආපසු නිවෙස් බලා යමින් සිටි පාසල් ශිෂ්‍යාවන් හට සරම ඔසවා පෙන්වා ඇත. ඉන් අසීරුතාවට පත් පාසල් ශිෂ්‍යාවන් මුහුණු වසාගෙන යන අන්දමත් මෙම පුද්ගලයා ව්‍යාජ පුරුෂ ලිංගය පෙන්වන ආකාරයත් ත්‍රිරෝද රථ රියැදුරකු දැක ඇත. පසුව ඔහු පිරිසක් සමඟ එකතු වී එම පුද්ගලයා අල්ලාගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියට භාරදී ඇත. සැකකරු පරීක්ෂා කිරීමේදී වයරයකින් ඉණේ බැඳ සිටි එම ව්‍යාජ පුරුෂ ලිංගය සොයාගෙන ඇති අතර ඔහු පැදගෙන ආ ස්කූටර් වර්ගයේ යතුරුපැදියේ අසුන යට තිබී තවත් ව්‍යාජ පුරුෂ ලිංගයක් හා අඟල් 14ක් දිග මාළු කපන පිහියක් සොයාගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමා විශ්‍රාමික උප පොලිස් පරීක්ෂවරයකු ලෙසත් පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී මඩකළපුව, ගල්කිස්ස, මොරටුව, වැල්ලවත්ත, බුත්තල, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථානවල සේවය කොට ඇති බවත් 2004 වර්ෂයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා 2009 වර්ෂයේ විශ්‍රාම ගිය බවත්ය.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ 1984 වර්ෂයේ ගම්පහ ප්‍රදේශයේ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් එම තරුණියගේ මවුපියන් ඊට එරෙහි වී තමාට වස වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවත්ය. ඊට පසු වෙනත් විවාහයක් කරගෙන දැනට දරුවන් තිදෙනකු සිටින අතර බිරියද අතහැර දමාගොස් ඇති බවත්ය. 2006 වර්ෂයේ මේ පුද්ගලයා එකක් 20,000 බැගින් ගෙවා ව්‍යාජ පුරුෂ ලිංග 02ක් කොළඹින් මිලට ගෙන ඒවා වයරයකින් ඉණේ බැඳගෙන ලංකාව පුරා ගමන් කරමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

පෙරේදා (15දා) උදේ 7.00ට පමණ මෙම උපකරණය වයරයකින් ඉණේ බැඳගෙන සෙසු පුරුෂ ලිංගයද යතුරුපැදියේ අසුන යට දමාගෙන මහනුවර කුඹල් පෙරහැර නරඹමින් සිටින ජනතාවට ප්‍රදර්ශනය කිරීමට යමින් සිට ඇති බව පවසා ඇත. නිට්ටඹුව ප්‍රදේශයේදී තේ පානය කර කෑගල්ල නගරයට මීටර් 100ක් පමණ අෑතින් පිහිටි අඟුරුවැල්ල ප්‍රදේශයේදී පාසල් ළමයින් හට සරම උස්සා පෙන්වමින් තමා සතුටක් ලබන බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකරු ඊයේ (16දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


No comments:

Powered by Blogger.