"චන්ද්‍රිකාටත්, මහින්දටත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්" - චන්දිම





















චන්ද්‍රිකාටත්, මහින්දටත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ඒ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී මාධ්‍යට
අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ජනාධිපති ධුරයට නැවත තරඟ වැදීම සම්බන්ධව තමයි මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ. ජනාධිපති 1978 ව්‍යවස්ථාවට අනුව පුර්ණ විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක් පත් වුනා. 19 වන ව්‍යවස්ථාවේදී මොකද කලේ ඒ අදාල 30 වගන්තිය සම්පුර්ණයෙන්ම ඉවත් කරලා ප්‍රතියෝජනය කරලා නව වගන්තියක් ඇතුලත් කරනු ලැබුවා. එහි සඳහන් වෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා, රජයේ නායකයා, සේනාධි නායකයා. අවුරුදු 5 ක කාලයකට නිලය දරනවා. එතකොට දැනට ජිවත්වෙලා ඉන්න චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා දැරුවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය. එ් ජනාධිපතිවරණයට බලය තිබුණා. අග්‍රවිනිශ්චකාරවරයා, විනිශ්චකාරවරු, නිතිපති, පොලිස්පති ඇතුළු ඒ නිලධාරින්  පත් කරන්න. ඒ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාරිලිමේන්තුවට වග කිවයුතු නෑ. ඒ ජනාධිපතිවරයට අගමැති ඉවත් කරන්න. අගමැති විමසන් නැතිව ඇමති ඉවත් කිරිමට බලය තිබුනා. වර්තමාන ජනාධිපතිවරයාට ඒ බලය නෑ. ඒ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිර විමට බලයක් තිබුනා. මේ ජනාධිපතිවරයාට අවුරුදු හතරහාමාරක් යනකල් ඒ  බලය නෑ. ඒ ජනාධිපතිවරයාට ජනාධිපති ස්වාධින කොමිසන් තිබුනේ නෑ.”

“33 වන වගන්තිය 19 වන වගන්තිය සම්පුර්ණයෙන් ඉවත් කරලා ප්‍රතියෝජනය කරලා ජනාධිපතිවරයාගේ කාර්ය බලතල වෙනමම නිර්වචනය කරලා තියෙනවා. ඒ වගේම 19 වන ව්‍යවස්ථාව යටතේ පත්වන ජනාධිපතිවරයට දෙවරක් ධුරය දැරිය හැකි බව 31 වන වගන්තිය යටතේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අළුත් වගන්තියක් ලෙස පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ජනාධිපති ධුරය දරණ තැනැත්තෙකු දෙවරකට වඩා ධුරය නොදැරිය යුතුයි කියලා. එතකොට තේරුම් ගන්න ඕන මේ ජනාධිපති ධුරය වෙනස්, එදා චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද මැතිතුමා දරපු ජනාධිපති ධුරය වෙනස්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෙව්වම අපිට ගම්‍ය වන දෙයක්. එදා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඡන්දය දුන්න අත උස්සපු අය හැටියට ඒක තේරුම් අරගෙන තමයි කටයුතු කලේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්වචනය කිරිමේ  දී අදාල වෙන්නේ තේරුම් ගන්න ඕන කුමන අදහසකින් අරමුණකින් ඒ වෙනස සිදු කලාද කියන එක. එහෙම නැත්නම් සංශෝධනයක් කරන්න තිබ්බා. සංශෝධනය කරලා නෑ. ප්‍රතියෝජනය කරලා තියෙනවා. සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ අනුව අපට ගම්‍ය වෙන්නේ ,මහජනතාවට ගම්‍ය වෙන්නේ අවශ්‍ය නම් චන්ද්‍රිකා මැතිණියට, මහින්ද මැතිතුමාට ඉදිරියේ තියෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.”

“ඒ වගේම විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තිබුණා. නඩුවක් දාන්න පුළුවන් කියලා. එතකොට මේ ජනාධිපති ධුරයේ කටයුතු කරලා නැත්නම් මොකක්ද කරලා තියෙන වරද. මේ ජනාධිපතිවරු දෙන්න වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත් විජේදාස රාජපක්ෂ මහත්තයයි, විජේදාස ලියනාරච්චි මහත්තයයි වගේ. එකම නම විජේදාස. දෙන්නම නීතිඥයෝ, දෙන්නම හම්බන්තොටින් ආවේ. විජේදාස රාජපක්ෂ මහතා එජපය රකින්න කටයුතු කරනවා. විජේදාස ලියනාරච්චි මහතා එජාපයට විරුද්ධ වෙලා මැරුම් කන්න සිද්ධ වුනා. නම එක වුනාට දෙන්න වෙනස්. ඒ නිසා දැන් ඉන්න ජනාධිපතියි, එදා හිටපු ජනාධිපතියි වෙනස්. ජනාධිපති නම විතරයි එක. සමහර අය කැමැත්තෙන් ඉන්නවා  චන්ද්‍රිකා මැතිණියට, මහින්ද මැතිතුමාට ජනාධිපති අපේක්ෂකයා විදියට ඡන්දය දෙන්න නැවත. මේ සියළු කොටස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා වෙනස දකිනව නම් ඒ වෙනස නිරාකරණය කර ගන්න පුළුවන්, ඉතාම පැහැදිලිව කියවා බැලිමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය, එ් වගේම 18 වන සංශෝධනය සහ 1978 ව්‍යවස්ථාවේ 30 වන වගන්තිය කියවල බැලුවොත් තේරුම් ගන්න පුළුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ක්‍රිෂාන්තන්)



No comments:

Powered by Blogger.