අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි...? ඊයේ අගමැති හමුවුනු විජයකලා අද ගත් තීරණය...!





















රට තුල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිකරමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය විජයකලා මහේෂ්වරන් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය පාර්ශව රැසකගේ විවේචනයට ලක්වුනා. මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබූ
අතර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව බොහෝ පාර්ශව සඳහන් කළා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරිය අද (05) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

එසේම අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරිය කොළඹට පැමිණි වහාම තමන් හමුවෙන ලෙස කළ දැනුම්දීමට අනුව අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරිය අතර හමුවක් ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුනා.

No comments:

Powered by Blogger.