අද රට පාලනය කරන්නේ තුච්ච නින්දිත අයයි..- ප‍්‍රකට මහාචාර්යවරයෙක් කියයි..






















රට හදන්නේ රටේ ජනාධිපතිවරයා හෝ දේශපාලනඥයින් නොවෙයි, ගුරුවරුයි. මාවෝසේතුං පවා ගුරුවරයෙක්. ඒ නිසයි ඒ රට දියුණු වුණේ. අනේ මගේ රටටත් ඒ වගේ කෙනෙක් පහළවේවායි ප්‍රාර්ථනා කරනවා යැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විමල් විජේරත්න මහතා කරන්දෙණියේදී ප්‍රකාශ කළේය.

වෙලාවට එන්න, වැඩ කරන්න බැරිනම් ගුරුවරයා තුච්ච හා නින්දිත
අයෙකු බවත් අද රට පාලනය කකරන්නෙත් ඒ වගේ අය බවත් මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය, දර්ශනපති මහේෂ් ක්‍රිශාන්ත මහතාගේ අමරණීය ගුරුවරයා නැමති ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය විමල් විජේරත්න මහතා මෙසේද කීය.

ලංකාවේ ළමයින්ගෙන් සියයට පහළොවකට පමණ දියවැඩියාව තිබෙනවා. ඊට හේතුව ව්‍යායායාම් නැති කමයි. නොදන්නාවූ විෂයක් තිබෙනවා නම් දන්න අයගෙන් දැනගත යුතුයි. නිරෝගිමත්ව සිටීමට නම් ව්‍යායාම් තිබිය යුතුයි. අපේ ළමයින්ට ව්‍යායායාම් අරහං. අවුරුදු තිහ (30) හතළිහ (40) වෙන විට නිකම්ම මහළු වෙනවා. හොඳ ගුරුවරයාගේ ලක්ෂණය වෙලාවට වැඩ කිරීමයි. වෙලාවට එන්න බැරිනම් ගුරුවරයා තුච්චයි. නින්දිතයි. අද රට පාලනය කකරන්නෙත් ඒ වගේ අයයි.

ළමයෙක් ප්‍රශ්නයක් ඇසූ විට ඒ ගැන දන්නෙ නැත්නම් නොදන්නා බව නොකියා ළමයා කිච කරනවා. තමන් කියනදේ ළමයින්ට තේරුණාද කියල ගුරුවරයා බැලිය යුතුයි. ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙයි මෙත්තා ගුණයෙන් බැලිය යුතුයි. ගුරු වෘත්තිය තරම් වටිනා වෘත්තියක් නැහැ. හැමදාම ගුරුවරයා පිටිපස්සෙන් යන ගෝලයා දුබලයෙක්. අමනයෙක්. නිතරම ගුරුවරයාට වඩා ඉදිරියෙන් යා යුතුයි. සමහර විශ්ව විද්‍යාල වල මහාචාර්යවරු ඉන්නවා, අවුරුදු තිස්පහක කාලය තුළ එකම පාඩමයි උගන්වන්නේ. පන්තියට යාමට පෙර ගුරුවරයා පොත පත කියවල යායුතුයි. දැන් ගුරුවරු උගන්වන විට නෝට් කියවගෙන යාම විතරයි කරන්නේ.

මේ රට බාරදිය යුත්තේ තරුණ පරපුරටයි. මේ තරුණ පරපුර ලෙඩ දුක් බහුල කරගෙන ජීවත් වෙනවානම් මේ රටට කාගේ පිහිටද?

කරන්දෙණිය ජාතික පාසලේ කලා අංශ භාර අචාර්යය ශාස්ත්‍රපති බලන්ගොඩ ධම්ම දින්න හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන උපකුලපති සාහිත්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපති විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, කරන්දෙණිය ජාතික පාසලේ විදුහල්පති ශාන්ත ආරියරත්න, දේශබන්දු සිරිසුමන ගොඩගේ, කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ එරංග කෞශල්‍ය ගොඩකන්ද ආරච්චි, දර්ශනපති මහේෂ්ක්‍රිශාන්ත යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

– ජයකාන්ත ලියනගේ

No comments:

Powered by Blogger.