ජනපති මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් එල්ල කල අල්ලස් චෝදනාවට තාම FCID පැමිණිලි කර නෑ.. - හැකි නම් පැමිණිලි කරනු නාමල් ගෙන් රන්ජන්ට අභියෝගයක්





















නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කල නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හැකිනම් ඒ අයුරින්ම ඕස්ට්‍රේලියා රජය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන පැමිණිලි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මහතා නියෝ්‍ය ඇමති රන්ජන්ටත් එජාපයටත් අභියෝග කරයි.

අදාල ලිපිය නිවුයෝක් ටයිම්ස් හි පල වී පැය කිහිපයකින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමණිලි කර ඇති නමුත් ඕස්ට්‍රේලියා රජයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කියා සිටී.

එජාපය හෝ රන්ජන් නියෝජ්‍ය ඇමතිට කොන්දක් ඇත්තේ නම් එම චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරන්නැයි ඉල්ලා පැමිණිලි කරන්නැයිද මන්ත‍්‍රීවරයා අබියෝග කරයි.


No comments:

Powered by Blogger.