සමලිංගික විවාහ පනත අනුමත කරන්න අගමැති රනිල් විශාල උත්සහයක් ගත්තා - හිටපු ඇමති SBගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ‘





















සමලිංගික විවාහයන් අනුමත කිරීමේ පණත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිහිප වරක්ම කැබිනට් මණ්ඩළයට ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍ය, එස්.බී. පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.එහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

‘‘රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ලක්ෂණය තමයි මේක එපා කියපුවාම අර පැත්තෙන් ගේනවා. ඒ පැත්තෙන් එපා කියපුවාම හිමීට යටින් ගේනවා. ඒකත් එපා කියපුවාම අකුරු ටික වෙනස් කරලා ආපහු උඩින් ගේනවා..ඒ වගේම ලංකාවේ සමලිංගික විවාහ අනුමත කරන්න විශාල උත්සහයක් ගත්තා. මේ කැබිනට් ප්‍රතිකාව අපි පළවෙනි සැරේ අයින් කළා. ආයෙත් ඒ කැබිනට් පත්‍රිකාව අගමැති තුමා ගෙනවා. ඉතින් එතුමා මේක ගෙන එන කාරණය අපිට පැහිදිලියි. මේ වගේ දුෂ්කර තැනක තමයි ජනාධිපතිතුමා ඉන්නේ. ඉතින් විටින් විට විටින් එතුමාගන් කියවෙන්නේ ඒ දුෂ්කර කතාන්දරය තමයි.‘‘

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම තරයේ විරුද්ධ වන බවද ඔහු එහිදී සඳහන් කළේය.


- nethgossip

No comments:

Powered by Blogger.