මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව





















මේ වන විට රට පත්ව ඇති කණගාටුදාය තත්ත්වයෙන් මුදවා ගත හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසයි.

උන්වහන්සේ ඒ බව පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතා උන්වහන්සේ බැහැදැකීමට ඊයේ දිනයේ ගිය අවස්ථාවේදීය.

වත්මන් පාලකයන්ගේ කතාව මිස වැඩ නැති බවත්, ජනතාව දැඩි අසහනකාරී තත්ත්වයෙන් ජීවත් වන බවත් උන්වහන්සේ කියා සිටියේය.

මේ අතර නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතා සිතුම් පැතුම් හඳුනන නායකයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස වඩාත්ම සුදුසු පුද්ගාලයා තෝරා ගනු ඇති බවයි.


No comments:

Powered by Blogger.