‘‘මේ හෙළිදරව් කිරීමෙන් පස්සෙ ඒ අයට ගෙදර යන්න වෙයිද දන්නෙ නෑ‘‘ තමන් සිරගෙය තුල සිටි හැටි ඥාණසාර හිමියෝ මුල් වරට හෙළි කරයි..! (VIDEO)





















බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාරහිමි නිදහස්වීමෙන් පසු පැවැත්වූ පළමු  වි⁣ශේෂ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුනා. එහිදී උන්වහන්සේ ආන්දෝළනාත්මක ප්‍රකාශ රැසක් සිදුකල අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු පුවතක් වුන උන්වහන්සේට ජම්පරය ඇන්දවීම පිළිබඳවද කරුණු පැහැදිලි කළා.

උන් වහන්සේ එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි
කරමින් කියා සිටියේ අධිකරණය නැමැති දේවාලයේ නීතිය කියන දෙවියො ඉස්සරහා යදින කපුවන්ට ආවතේව කරන අයට දැන් මේ තොවිලෙ හොඳට කලා කියලා වරදානත් ලැබිලා තියෙනවා. මේ වෙනෙකොට අදාල අයට රටේ ආරක්ෂක මූලස්ථානයට සම්බන්ධ ප්‍රධාන තනතුරකටත් 14 වෙනිදට කලින් පත්වීම ලැබී තිබෙන බවයි.

එසේම උන්වහන්සේ සිර ගෙදර තුලදී ජම්පරය ඇන්දාද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

ඒ අය මට කිවුවා ජම්පරේ අඳින්න කියලා. ඒක තමයි නීතිය. මම ඒ මිනිස්සුත් එක්ක ගැටෙන්න ගියේ නෑ. කණ්ඩායම් කිහිපයක්ම ඇවිල්ලා කිවුවා. ඒ ගොල්ලන්ගෙ රාජකාරිය අධිකරණයෙන් වරදකරුවෙකු කරලා එවපු කෙනෙකුට පොතේ තියෙන ඩියුටිය කරන එකනෙ. ඒක තමයි එ් ගොල්ලන්ගෙ රස්සාව. ඒ නිසා මේ හෙළිදරව් කිරීමෙන් පස්සෙ ඒ අයට ගෙදර යන්න වෙයිද දන්නෙ නෑ. එහෙම වෙන්න දෙන්නෙ නැහැ අපි ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා.

මම එළියට ඇවිල්ලත් කිවුවෙ මම රාජ්‍ය නීතියට අභියෝග කලෙත්  නෑ. භික්ෂූ නීතිය බිඳගත්තෙත් නෑ. එ් නිසා ඇතුලට ගිය ඥාණසාර හාමුදුරුවොමයි එළියට ආවෙ.

මාව එල්ලුම් ගහේ එල්ලුවත් ජම්පර් අඳින්නෙ නෑ. එයාලට ගරු කරලා මම එළියට නොබැහැ හිටියා. එයාලට කරන ගෞරවයක් විදියට මම සිවුර පැත්තකින් තියලා අඳනෙයි පටියයි බැඳගෙන තුවායක් කරේ දාගෙන මම හිටියා.

අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ සිදුකල සම්පූර්ණ කතාව පහතින්.

No comments:

Powered by Blogger.