බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි..- බැසිල් ඉලක්ක කර පහරදී ඒකාබද්දය තුල ප්‍රශ්න ඇති කරන ලෙස 16 කණ්ඩායමට ඉහළින් උපදෙස් දීලා





















ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ ඉදිරි වැඩපිලිවෙල හා ප‍්‍රතිපත්තිය එලිදැක්වීම මාතලේදී ඊයේ පස්වරුවේ පැවැත්වින.

එම උත්සවය අමතමින් අදහස් පල කල 16 කණ්ඩායමේ සියළු දෙනාම පාහේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දැඩි
විවේචන ගණනාවක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මුහුදක් බවත් ගංගා ඇල දොලවල් ඊට එක් වන්නා සේම කුණු කාණුද මුහුදට ගලා එන බව බැසිල් රාජපක්‍ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කලේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සහ පොදු ජන පෙරමුණ තව දුරටත් පවතින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිසා බවත් බැසිල්ව ඉවත් කළහොත් ඒකාබද්ධ විපක්ෂය සහ පොදු ජන පෙරමුණ සහ මුලින්ම පාහේ දුර්වල වන බවත් 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් වෙත දැනට ආණ්ඩුවේ ඉහලම සිටින බලවතෙක් විසින් දන්වා ඇති අතර හැකිතාක්‌ බැසිල් ඉලක්ක කර පහරදී ඒකාබද්ද විපක්ෂය තුල ප්‍රශ්න ඇති කරන ලෙස උපදෙස් දී තිබෙන බව වාර්තා වනවා.



No comments:

Powered by Blogger.