"ඥාණසාර හිමියන්ට හිමිවිය හැකි උපරිම දඬුවම" ?





















මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී 2016 ජනවාරි 25දා බැන වැදී තර්ජනය කර බියවැද්දීමේ චෝදනාවට, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවට හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් පෙරේර්දා (24) තීන්දු කල අතර දඬුවම් නියම කිරීම ලබන මස 14දා සිදු කෙරෙන බවඑහිදී ප්‍රකාශ විය.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ
පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ උන්වහන්සේට එරෙහිව හෝමාගම පොලිසිය මගින් නඩු පවරනු ලැබ තිබිණ.

මෙම චෝදනාවන්ට වරදකරුවකු වන්නෙකුට උපරිම දඬුවම ලෙස වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා 'නෙත් නිව්ස්' කළ විමසීමේදී පැවසිය.

 මෙම සිර දඬුවම අත්හිටුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුවට එරෙහිව උන් වහන්සේට අභියාචනයක් ගොනු කිරීමේ හැකියාවද පවතින බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(නෙත් නිව්ස්)


No comments:

Powered by Blogger.