ජීවන්ත සහ දිල්හාර ආන්දෝලනාත්මක ක්‍රිකට් තරග පාවා දීම සැලසුම් කරන හැටි .!





















වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ බලපෑම හිසරදයක් වන තරමටම පැතිර ගොසින් ය. බොහෝ ක්‍රීඩකයන් තරග පාවා දීම් වලට හසුවන අතර සෑම අන්තර්ජාතික තරගාවලියකටම පාහේ බුකිකරුවන්ගේ සූක්ෂම හස්ත යොමුවන බව කියවේ.

ක්‍රීඩකයන්, නිළධාරීන් මෙන්ම තනතීරූ සකසන්නන් පවා බුකිකරුවන්ගේ අදිසි හස්ත මගින් පාලනය වන බව සදහන්. මේ සදහා ක්‍රීඩකයන්ට තරගයෙන් 
උපයන මුදලට වඩා කිහිප ගුණයකින් මුදල් ගෙවීමට බුකිකරුවන් ක්‍රීයා කරන බවද වාර්තා වෙනවා.

මේ අතර අල් ජසීරා ජාත්‍යන්තර මාධ්‍යය මගින් අනාවරනය කර ගෙන තිබෙන නවතම ක්‍රිකට් තරගාවලියක් පාවාදීමේ සිදුවීමකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග සම්බන්ධව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක තරග පාවා දීමට ජීවන්ත සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙලෙසින් බුකිකරුවන් සමග සැලසුම් සකස් කරමින් සිටින්නේ ඔවුන් සමග සිටිනා අල් ජසීරා මාධ්‍යවේදීයා මේ සියල්ල පටිගත කරන බව නොදැනය.

මෙහිදි ජීවන්ත කුලතුංග කියා සිටින්නේ "ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපට උදෑසන දත් මදිනවා වගේ, නමුත් ඔබගේ සැලසුමට ක්‍රීඩා කිරීම එයටත් වඩා පහසුයි, මොකද එතකොට අපිට කිසිම පීඩනයක් නෑ" යනුවෙනි.

එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

No comments:

Powered by Blogger.