රට හරක් උස්සපු ආණ්ඩුවේ හරක් හොරු !





















කිරි ගවයන් 20,000ක් විදේශයෙන් ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපෘතිය යටතේ 2017 මැයි මස 14 වැනිදා මෙරටට ගෙන්වන ලද දෙනුන් 20 ක් අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

මේ එක් කිරි දෙනක් රුපියල් 521,551 ක මිලකට ආනයනය කර ඇති
අතර අතුරුදහන් කිරි දෙනුන්ගේ වටිනාකම රැපියල් 10,431,020 ක් පමණ වෙතැයි පැවසේ.

එම සතුන් පේරාදෙණිය, ගන්නෝරුව අංක 28 දරන, ස්ථානයේ “දේවින්ද ගොවිපළ” නම් ස්ථානයට භාරදී ඇති බව ලිපිගොනුවල සඳහන්ව ඇතත්, එම ස්ථානයේ ඇත්තේ ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය බව පැවසේ.

අදාළ, තොරතුරු හෙළිව ඇත්තේ විගණන වාර්තාවෙන් වන අතර කෙසේවුවද එම හරක් සොරාගත් අයෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

No comments:

Powered by Blogger.