ලසිත් මාලිංගගෙන් පලිගත්තා – අනික් අය කිව්වා අනේ අයියා නම් කියන්න එපා වදින්නම් කියලා





















ලබන මස 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයේ සභාපති ධුරය සඳහා තරග වැදීමට සුදානමින් සිටින වත්මන් ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාට ඒ සඳහා ඉදිරිපත්වීමට කිසිදු සධාචාරසම්පන්න අයිතියක්‌ නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ
(23 දා) විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පවසා සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අට වැනි ස්‌ථානයට තල්ලුවීමට හේතු සහ වත්මන් ක්‍රිකට්‌ සභාපතිවරයා විසින් ක්‍රිකට්‌ දුෂණය කර ඇති සාක්‍ෂි කිහිපයක්‌ තමා සතුව ඇති බව පෙන්වමින් රාමනායක මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේ.

“රටේ මිනිස්‌සු සංගීතයට සහ චිත්‍රපටවලට වඩා ක්‍රිකට්‌ වලට ගොඩක්‌ කැමතියි. ඒ නිසයි මම මේ ක්‍රිකට්‌ ක්‍රීඩාව දූෂණයෙන් මුදවා ගන්න ඉදිරිපත් වුණේ. ඇතැම් මාධ්‍යකරුවන්වද අද මුදලට ගන්න ක්‍රිකට්‌ ආයතනය උත්සහ කරනවා. පසුගිය කාලයේ තිලංග සුමතිපාලව පට්‌ට ගහපු රූපවාහිනී මාධ්‍ය ආයතනයකට නිදහස්‌ කුසලාන තරගාවලියේදී ලක්‌ෂ විස්‌සක දැන්වීම් දුන්න නිසා දැන් මුකුත් කතා කරන්නෙ නැහැ. ඒ සම්බන්ධව ගෙවපු බිල් මා ගාව තියෙනවා. ඒ නිසා තමයි මම ක්‍රිකට්‌ ක්‍රීඩාව මුදවා ගන්න ඉදිරිපත් වුණේ.”

ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන්ද අද ක්‍රිකට්‌ දූෂණය වී ඇති බව පිළි ගන්නා බවත් ඇතැම් ක්‍රීඩකයන්ට සිය අදහස්‌ ප්‍රකාශ කිරීමට නොහැකි බවත් රන්ජන් රාමනායක මහතා පවසනවා.

“ලසිත් මාලිංග පසුගියදා කණ්‌ඩායමෙන් ඉවත් කළා. එක තරගයක්‌වත් දුන්නෙ නැහැ. පස්‌සෙ ක්‍රීඩා ඇමැතිතුමාව මුණ ගැසෙන්න වෙලාවක්‌ ඉල්ලලා එස්‌.එම්.එස්‌. එකක්‌ ගැහුව්වම ක්‍රීඩා ඇමැතිතුමා අහලා තියෙන්නෙ රිලව්ව ගිරවට දැන්ද ඕන උනේ කියලා. මුත්තයියා මුරලිදරන් කෙළින්ම කියනවා ක්‍රිකට්‌ දේශපාලය වෙලා කියලා. මම කියන්නෙ ක්‍රිකට්‌ වලට දේශපාලනය අවශ්‍ය නැහැ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විමර්ශණ ඒකකයෙන් ඇවිත් ප්‍රශ්න කළා. මගෙනුත් අවශ්‍ය තොරතුරු ලබා ගත්තා. ඇත්තටම විලිලැඡ්ජාවක්‌ තියෙනවනම් තිලංග සුමතිපාල ආයෙත් ක්‍රිකට්‌ නිලවරණයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මම ඒ නිසා මේ තොරතුරු අපරාධ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ කොට්‌ඨාශයට භාර දෙනවා.”

තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ ආයතනය ලක්‍ෂ විසිපහක්‌ වියදම් කරමින් ඉන්දියාවේ පුද්ගලයකුගේ නමින් පොතක්‌ මුද්‍රණය කර ඇති බවත් ලංකාවේ කිසිම කෙනෙකුගේ පින්තූරයක්‌ හෝ එම පොතේ සඳහන්ව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය වරයා පවසා සිටියේ.

“එක පොතකට ලක්‍ෂ විසි පහයි. තව පොතකට ලක්‌ෂ 12 යි. ඒ විතරක්‌ නෙමෙයි ක්‍රිකට්‌ කෞතුකාගාරයක්‌ හදන්න රුපියල් මිලියන විසිපහක්‌ දීලා තියෙනවා අපේ ස්‌වාමීන් වහන්සේ කෙනෙකුට. මම දන්නෙ නැහැ ඒ ඉඩම කොහෙද තියෙන්නෙ කියලා. ලංකාවෙ සමාගමකින් පුටු ගන්නෙ නැතිව මලයාසියාවෙන් එස්‌.එස්‌.සී. එකට පුටු ගෙනල්ලා විශාල ගණනක්‌ වියදම් කරලා තියෙනවා. හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ගම් පළාතෙ අයකුගෙ ප්‍රින්ටින් ආයතනයකට ගෙවපු ගණන් ගැනත් මා ගාව තියෙනවා. ගල්කිස්‌ස උසාවියේදී තිලංග සුමතිපාල මහතා පිළිගෙන තියෙනවා මාධ්‍ය ආයතන සහ ඔට්‌ටුදමන ආයතන තියෙන බවට. ඉතිං වත්මන් ක්‍රීඩා ඇමැතිතුමාට (ෆයිසර් මුස්‌තාපා) වගකීමක්‌ තියෙනවා මේ අයට ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියලා හොයලා බලන්න.”

ක්‍රිකට්‌ නිලවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් සහ කණ්‌ඩායම් ලබන 27 වැනිදාට පෙර අදාළ නාම යෝජනා ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මේ අතර ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා තම පක්‍ෂයේ අයෙක්‌ නම් කිරීමට අවස්‌ථාව ඇති බවත් රන්ජන් රාමනායක මහතා පැවසුවා. ”

මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා….

No comments:

Powered by Blogger.