ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..





















ඊඒපී සමාගම් මාධ්‍ය ජාලය කොටි ඩයස්පෝරාව යටතේ ක‍්‍රියාත්මක සමාගමක් යටතට පවර දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී ඔහු මෙම අදහස් පල කලේය.

‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දේ යහමින් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටට විදේශ මුදල්
එවීම හා යැවීම අධීක්ෂණයට අදාළව මහ බැංකුවට තිබූ බලය ඉවත් කිරීමට මේ ආණ්ඩුව නීති සකස් කළා. ඒ නිසයි, ‘ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීමේ තිප්පොළක් බවට පත්ව තිබෙනවා’ කියා ජාත්‍යන්තරව මතයක් හැදී ඇත්තේ. ඒ හරහා කොටි ඩයස්පෝරාව මේ රටේ ආර්ථික මර්මස්ථානවල තම මුදල් යොදවා අවසන්.

ඊඒපී සමාගමට අයත් මාධ්‍ය ජාලය ඇතුළු අනෙකුත් ආයතන කොටි ඩයස්පෝරාවේ ප්‍රධානියාට අයත් ලයිකා මොබයිල් සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයකු මෙම ඊඒපී සමාගම් ජාලය මිලදී ගැනීමට ලයිකා මොබයිල් සමාගමට වඩා වැඩි ලංසුවක් තබා තිබියදී තමයි මේ ගනුදෙනුව සිදු වන්නේ.

කොටි ඩයස්පෝරාව අතට මේ රටේ මාධ්‍ය ජාලයක් පත්වීම විශාල අනතුරක්. නමුත් රටට හොරා අද ඒ සියල්ල බටහිර න්‍යාය පත්‍රයට අනුව ඉටු කර දෙමින් සිටිනවා’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ




No comments:

Powered by Blogger.