යුව රජෙකු සේ ජනපති මෛත්‍රීට උපදෙස් දෙන්නේ ලංකාවේ ඇමෙරිකානු තානාපති?





















ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා යුව රජෙකු සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මිය පැවසුවාය.

ඇමෙරිකාව විසින් ලෝකය පුරා සිදුකරමින් යන රටවල් දෙකඩ කිරීමේ
වැඩපිළිවෙළ ලංකාව තුළ දියත් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයා ගන්නා උත්සාහයට යහපාලන ආණ්ඩුවේ නායකයන් හසුවී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

රනිල් වික්‍රමසිංහ මහතා අගැමැතිධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිවරයා සිරිසේන ජනාධිපතිවරයාට නියෝග කර තිබුණු බවත්, එම නියෝග පිළිගැනීමට තරම් පාලකයන් පසුබැස තිබුණු බවත් කුලනායගම් මහත්මිය සඳහන් කළේය.

රටේ පවතින වත්මන් තත්ත්වය 1983 ජූලි කලබලය හා සමාන බවත් වෙනස වන්නේ එදා දමිල ජනතාවත් අද මුස්ලිම් ජනතාවත් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වීම බවත් අද වගේම එදත් එජාපය රට පාලනය කළ බවත් පෙන්වා දෙන කුලනායගම් මහත්මිය එදා වගේම අදත් දේශපාලනඥයන් ගන්නා තීන්දු තීරණ රටේ ආර්ථිකයට සමාජීය තත්ත්වය වෙනස් කිරීමට බලපා ඇති බවත් කියා සිටියේය.

“අද ආණ්ඩුව ඇතුළේ අර්බුද ඇති වී තිබෙනවා. ජනාධිපති - අගමැති අතර ගැටලු ඇති වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මේ වගේ දේවල්වලින් විදේශීය බලවේගයන්වලට අප රටට අත පෙවීමට හැකි වෙනවා. අපි දැක්කා ඇමෙරිකානු තානාපතිවරයා පසුගිය කාලේ හැසිරුණේ කොහොමද කියලා. මේ සිදුවීම් අන්තර්ජාතික ප්‍රජාව 2015දී මෙරටට කළ ආයෝජනය ඒ කියන්නේ රෙජීම් වෙනස පවත්වාගෙන යෑම වෙනුවෙන් සිදුකළාද කියන ප්‍රශ්නය මතුවෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකාව රටක ගැටුම් ඇති කළොත් ඒ ගැටුම් ඇති කර ගන්නා දෙපාර්ශ්වයටම සහයෝගය දෙනවා. අපේ රටේදීත් වුණෙත් එහෙම දෙයක්ද කියන සැකය අපට මතුවෙනවා.“ යැයිද කුලනායගම් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මේ බව පැවසූවේ එළිය සංවිධානය විසින් පෙරේදා(13) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේ වෙතත් ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා වෙනුවට අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හිතවත් තානාපති නිලධාරියකු මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අතුල් කේෂාප් මහතා ප්‍රමුඛ ඔබාමාට පක්‌ෂ නිලධාරි මෙරටින් පිටව යැම ගැන ද්‍රවිඩ සංධානය සහ එන්ජීඕ සංධාන දැඩි කම්පාවට පත්ව ඇතැයිද වාර්තා වේ.

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට හිතවත් තානාපති ප්‍රමුඛ නව නිළධාරීන් පිරිසක්‌ මෙරටට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ ඇමරිකානු මැදිහත්වීම ද නතර වන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

- assin mirror


No comments:

Powered by Blogger.