ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..





















ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහ අද 03 මඩකලපුව බලා යෑමට නියමිතය.

මෙවරත් ජනාධිපතිවරයා, මඩකලපුව නගරයේ එකම විහාරස්ථානය වූ ශ්‍රී මංගලාරාමය මගහැර අසල පිහිටි කෝවිලේ ආගමික කටයුතක් සදහා
සහභාගීවීමට නියමිත බව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

යම් හෙයකින් ජනාධිපතිවරයා පන්සල මගහැර කෝවිලට ගිය හොත් තමන් වහන්දේ එයට දැඩි විරෝධය දක්වමින් කලු කොඩි දමන බවද එහිමියෝ කියා සිටිති.

මීට පෙරද ජනාධිපතිවරයා මඩකලපුවේ සංචාරය කළ අවස්ථාවේ එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සදහා කළ ආරාධනය මගහැරීම නිසා උරණ වූ හිමියෝ ජනාධිපතිවරයාගේ නම සහිතව ඉදිකර තිබූ සමරු ඵලකය කඩා දැමූහ.


No comments:

Powered by Blogger.