රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?





















අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශ්වාසය පල කරයි.

ඒකාබද්ද විපක්‍ෂයට උවමනා වූයේ අගමැතිවරයා හා ආණ්ඩුව ඉවත් කිරීමට වුවත් ඔහු එජාප නායකත්වයෙන්ද ඉවත් කිරීමට එම පක්‍ෂ මැති
ඇමතිවරුන් බහුතරයකට උවමනා වී ඇතැයිද රාජපක්‍ෂ මහතා කීය.

විශ්වාස භංගයෙන් අගමැති ඉවත් කිරීමේ කටයුත්ත සදහා මේ වන විට ඒකාබද්දයේ කණ්ඩායමටත් වඩා පෙරමුණ ගෙන සිටින්නේ එජාපයේ පිරිස් යයිද පවසන හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ද විපක්‍ෂයට එහි වැඩි වගකීමක් දැරීමේ උවමනාවක් නැති බවද සදහන් කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය මේ සතියේදී කතානායකවරයාට බාර දෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.