ෆොන්සේකා මීළඟ ජනපති සටනට එන බව කියයි !





















රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ ඉල්ලීම මත එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තමන් ඕනෑම විටක සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශය පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසා තිබේ.

තමන් ඉතිහාසයේ සිටම අභියෝග බාරගත් අයකු බවත් ඒ නිසා ජනතාව ලබාදෙන ඕනෑම
අභියෝගයක් මඟනොහැර තමන් බාරගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

එසේම පොදු අපේක්ෂක සංකල්පය හරහා බලාපොරොත්තු වූ කාරණා ඉටුනොවුණු බවත් එය තමන්ගේ පෞද්ගලික මතය බවත් හෙතෙම සඳහන් කර තිබේ.

ෆොන්සේක ද පොදු අපේක්ෂකයකු නොවේදැයි මාධ්‍යවේදියා කළ විමසීමේදී "නෑ ඉතින්. ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයටනේ බලපාන්නේ. මම ආවා නම් සියලු පක්ෂ එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකද න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රයෙන් පිටට ගියොත් තමයි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙන්නේ” යනුවෙන් පවසා ඇත.

ඔබට රාජයෝගයක් ඇත්දැයි කළ විමසුමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට රාජයෝග පමණක් නොව මාරක අපල ද තිබූ බවයි.

නීතිය හා සාමය නොදුන්නේ ජනාධිපති

නීතිය හා සාමය අමාත්‍ය ධූරයට තමන්ට ලබාදෙන ලෙස අගමැතිවරයා යෝජනා කළ ද ජනපතිවරයා තමාගේ නම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද ෆොන්සේකා මහතා හෙළිකර තිබේ.

No comments:

Powered by Blogger.