බැදුම්කර මගඩියෙන් සල්ලි අරගත් නායකයන්ගේ කණ හරහා පහරක් ගැසූ ජනතාවට හිස නමා ආචාර කරනවා - චතුර සේනාරත්න





















ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡුන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

තමන් කී දේ නොඇසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට
තමන් හිස නමා ආචාර කරන බවද ඔහු කියයි.

මෙම ඡන්ද ප‍්‍රතිඵලය ගැන තමන් වේලාසන දැන සිටි බවත් මේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් දන්නා බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

බහ තෝරන වියේ සිට තම පියාගෙ හෝ විජය කුමාරතුංග මහතාගේ මේ රටේ දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ඒ පන්නරය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. (ලදරුවන් බහ තොරන්න ආරම්බ කරන්නේ ඉපදී මාස 12 සිට බව වෛද්‍ය මතයයි)

No comments:

Powered by Blogger.