රනිල්ට පොලිසිය බාරදීම හොරා කාපු බළලාට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවා වගෙයි - විමල් වීරවංශ





















මහ බැංකු හොරුත් එක්‌ක ආණ්‌ඩු කරන්න බැහැ කියූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම හොරකමේ මහාමොළ කරුට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය භාරදී ඇතැයි ජාතික නිදහස්‌ පෙරමුණේ
නායක විමල් වීරවංශ මහතා පැවසීය.

මැතිවරණය ළංවෙලා හොරු අල්ලන්න ශක්‌තිය දෙන්න කියලා අගමැතිගෙන් ඉල්ලූ ජනාධිපති අද පොලිසියම අගමැතිට භාරදී ඇති බවත් හරියට හොරා කාපු බළලාට උම්බලකඩ කෑල්ලකින් ගහපු වගේ යෑයිද වීරවංශ මහතා කියා සිටියේය.

පිටකෝට්‌ටේ පිහිටි ජාතික නිදහස්‌ පෙරමුණේ පé මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද කැබිනට්‌ සංශෝධනය මුළු රටටම විහිළුවක්‌ වෙලා. එක්‌සත් ජාතික පéයේ මැති ඇමැතිවරු පවා මේ වෙනස්‌ කමට හිනා වෙනවා. ඒ නිසා ජනාධිපති සහ අගමැති කරන මේ විකට ජවනිකාව නතර කරලා සිය ධුරවලින් ඉල්ලා අස්‌වී ජනමතයට හිස නමා වහා මහ මැතිවරණයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

තවමත් මහ බැංකු මුදල් වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් හොයා ගන්න බැරිව ඉන්නවා. එයා ගැන බලා ගන්නම් කියල අගමැතිම ප්‍රකාශ කෙරුවා. අඩුම තරමින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්‌වත් නිකුත් නොකරපු රනිල් වික්‍රමසිංහ අද සිය අභිමතය පරිදි මහ බැංකු මුදල් වංචාවට එහා ගිය මුදලක්‌ ලබා ගැනීමට හැකිවන පරිදි නව පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදනවා. ඒ නිසා ඊට විරුද්ධව ජාතික නිදහස්‌ පෙරමුණ හැටියට ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පැවරුවා.

ඒ වගේම අද ඉන්දියාවත් සමග එට්‌කා ගිවිසුම අත්සන් කරන්න ආණ්‌ඩුව කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ගිවිසුම අවසන් නොකරත් එහි වගන්තිවලට පණ දෙන්න ආණ්‌ඩුව කටයුතු කර තිබෙනවා. එම ගිවිසුමට අනුව රෝහල්වල රෙදි ටික හෝදන්න ඉන්දියාවට පැවරීමට ආණ්‌ඩුව සැරසෙනවා. අපේ රටේ ජනතාවට රෙදි හෝදන්න පුළුවන්කම තිබියදී විශාල පිරිසකගේ රැකියා අහිමි කරමින් එම කටයුත්ත ඉන්දියාවට දීමට සැරසෙන්නේ එයින් ලැබෙන කොමිස්‌ මුදල ලබා ගැනීම සඳහා. ඒත් සුළුතර ජනවරමක්‌ ලබා ගත් මේ ආණ්‌ඩුවට මෙම ගිවිසුම් හරහා රටේ ඉරණම තීන්දු කරන්න කිසිම අයිතියක්‌ නැහැ.

මැතිවරණය ළංවෙලා හොරකම ගැන කතා කරලා. ඒ හොරුන්ට දඬුවම් දෙනවා කියලා ජනාධිපතිවරයා රට හමුවේ පැවසුවා. ජනතාව බලාගෙන හිටියා හොරකම් කරපු අය මැතිවරණයෙන් පසු අල්ලලා පොලිසියට භාරදෙයි කියලා. ඒත් වුණේ හොරකම් කරපු අයටම පොලිසිය භාරදුන්නා. දැන් කරන්නේ ජනාධිපති කුමන ජවනිකාවක්‌ද, සාගල රත්නායක ඇමැතිතුමාට භාර දුන්නා තරුණ කටයුතු. හරියට නරින්ට කුකුල්ලු භාරදුන්නා වගේ. මේ රටත් එක්‌ක නෙවෙයිද සෙල්ලම් කරන්නේ. අද එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරු හිනාවෙනවා මේ නිසා. මේ විකාර නිසා අද රට එකතැන නතරවෙලා තියෙනවා. ඔය විකට ජවනිකා නතර කරලා උසුළු විසුළු නතර කරල කරුණාකරලා ඉල්ලා අස්‌වෙලා මේ රටට මහ මැතිවරණයක්‌ ලබා දෙන්න කියලා අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ සුළුතර ආණ්‌ඩුවට කිසිම ආකාරයකට කිසිදු වෙළෙඳ ගිවිසුමක්‌ වගේම රටේ ඉරණම තීරණය කරන්න කිසිදු අයිතියක්‌ නොමැති බවද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

No comments:

Powered by Blogger.