ජනාධිපතිතුමාට රෙද්දක් ඇඳන් මහින්ද මහත්තයා එක්ක එකතු වෙන්න බැහැ - රන්ජන් රාමනායක





















ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් සැදීමට ජනාධිපතිවරයාට කිසිදු සදාචාරමය අයිතියක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේය. ඊයේ (16) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා ජනතාව හමුවේ
ප්‍රකාශ කළ දේවලට අනුව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු විය නොහැකි බව රාමනායක මහතා කියා සිටියේය. එසේ එක් වීමට නම් එදා මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව ජනාධිපතිවරයා පැවසු සියල්ල අසත්‍ය බවට ජනාධිපතිවරයාට පැවසීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රාජපක්ෂ පාලන සමයේ සිටි හොරු, දුෂිතයන් ගැන කරුණු අනාවරණ කළද ජනතාව ඔවුන්ව ජයග්‍රහණය කරවීමෙන් ජනතාව සිටින තැනද පැහැදිලි වන බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

No comments:

Powered by Blogger.