ජනාධිපති-අගමැති රණ්ඩුවට සම වූ චිත්‍රපටයක් බුකිය කළඹයි - (video)





















ආණ්ඩුව කරවන ප්‍රධාන පාර්ශවයන් දෙක මෙවර වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වී සිටි. එහෙත් ජනතාව දකින්නේ අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ හොද සහ නරකට මෙම ප්‍රධාන පක්ෂ දෙකේ උදවිය වගකිව යුතුය යන්නයි.

ආණ්ඩුව කෙරෙහි කලකිරුනු කොටස් විපක්ෂය වෙත යෑම වැලැක්වීමට
ආණ්ඩුවේ උපායමාර්ග උපදේශකයින් නොයෙකුත් උපක්‍රම නායකත්වයට සපයයි.

සෑම සතියකටම වරක් එකට අමාත්‍ය මණ්ඩලයේ වාඩිවී ඉතා සහයෝගයෙන් තීරණයන් ගෙන ජනතාව ඉදිරිපිට එකිනෙකා විවේචනය කරගනි.

මෑතකදී කෘතිමව විශාල පොහොර හිඟයක් මවා ටෙන්ඩර් පරිපාටියෙන් තොරව Unsolicited ක්‍රමයට එක් සාමගමකට එනම් ජැට් හෝල්ඩින්ග්ස් JAT HOLDINGS සමාගමට සාමාන්‍ය මිලට වඩා ඩොලර් 50 බැගින් පොහොර ටොන් 50000 ක් ගෙන්වීමට අවසර දුනි.

ඒ අනුව බලන කල ජනතාව ඉදිරිපිට හතුරන් මෙන් ඇන කොටා ගනිමින් ආණ්ඩුවේ පාර්ශවයන් ඉතා සූක්ෂම ලෙස තම තමන්ගේ අභිප්‍රායන් ඉටු කර ගනි.

මේ බැව් හැගෙන විනෝදාත්මක ජවනිකා සහිත එකල ජනප්‍රිය විකට නලුවකු වන ඩී ආර් නානයක්කාර රගපෑ චිත්‍රපටයක කොටසක් මෛත‍්‍රී-රනිල් ගැටුම ලෙස හුවා දක්වමින් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙයි.

No comments:

Powered by Blogger.