'හාකබෝන් ගාලා හරි මේ දෙන්නා අලවනවා' - රන්ජන්





















“හාකබෝන් ගාලා හරි මේ දෙන්නා අලවනවා. මේ දෙන්නා කසාද බැන්දේ 2015 ජනවාරි 8 වැනිදා. තාම යන්නේ හනිමූන් එක. එහෙම වෙන් වෙන්න දෙන්න බෑ. මේ වගේ ජනපති කෙනෙක්. මේ වගේ අගමැති කෙනෙක් අපිට ආයේ හම්බවෙනවා කියලා හිතන්න එපා.'' යයි නියෝජ්‍ය
අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

මොරටුවේදී පැවැති ජනහමුවක් අමතමින් එසේ පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''ජනාධිපතිරයා තම විධායක බලතල අඩුකර ගත්තා. තම වියදම් කොච්චර අඩුකර ගත්තද? ඒව‍ගේම මේක හොරකම් මැරකම් නැත්තටම නැති ආණ්ඩුවක් කියලා මම කවදාවක් කියෙන්නේ නෑ. හොරු කවදාවක් මේ ලෝකේ නැතිව යන්නේ නෑ.

හොරකම් අවම කරන, හොරු අල්ලන, හොරුන්ට එරෙහිව කොමිෂන් තියෙන ආංණ්ඩුවක් අපිට ඕන. ඒ කාලේ ජනපතිවරයා ෆයිල් හැංගුවා

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න. ඒ දෙකටම දෙන්න බැරිනම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා හොරකම් නොකරන අය. එ අයට ඡන්දය දෙන්න.

මෙන්න වැන්දා අර පෝරිසාදයාට නම් ආයේ එන්න දෙන්න එපා. ලංකාවේ ජනතාව දේශපාලකයන්ගෙන් ප්‍රශ්න අහනකම් මේ රට හදන්න බෑ.”

No comments:

Powered by Blogger.