දොරගුළුලා සිර කර දැමූ මව් සෙනෙහසක හද කම්පා කළ සංවේදී කතාව






















වයෝවෘද්ධ වූ තම මව්පියන් මහ මඟ දමා යාමේ හෝ සිරකර තබා ගැනීමේ අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අපට වාර්තා වුණා.

තවත් එවැනිම සිද්ධියක් වාර්තා බණ්ඩාරගම - වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බණ්ඩාරගම - වල්ගම ප්‍රදේශයේ පිහිටි ගරා වැටුණු නිවසේ වයෝවෘද්ධ මවක් නිරාහාරව සිටින බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මේ නිවසට යන විටත් එහි දොරගුළුලා තිබූ අතර එහි මනුෂ්‍ය වාසයක් පවතින බවට බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ.

ඉබියතුරු කඩා නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වුණේ නිවසේ මුල්ලක සිටන එම වයෝවෘද්ද මවයි.

දින කිහිපයක සිට නිරාහරව සිටි මෙම මව කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් පසුවුණා.

මැගී මාග්‍රට් ප්‍රනාන්දු නැමැති 88 හැවිරිදි මේ මව මෙලෙස දුක සේ කාලය ගත කළත් දරුවන් සිව් දෙනෙකුගේ මවක්.

දියණියන් දෙදෙනකු ගුරුවරන් වන අතර බාල පුත්‍රයා සමග මේ කුලී නිවසේ සිටියත් ප්‍රත්‍රයා දින කිහිපයක සිට නිවසට පැමිණ නැහැ.

එහිදී එම වයෝවෘද්ධ මව පිරිසිඳු කර රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගත්තා.

මවගේ වැඩිමහල් දියණිය වූ විශ්‍රාමික ගුරුවරිය පොලීසියට කැඳවා ඇයට දැඩි ලෙස අවවාද කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, ඊයේ (16) පස්වරුවේ පොලිසියට පැමිණි මෙම වයෝවෘද්ධ මවගේ දෙවන දියණියගේ ස්වාමිපුරුෂයා ඇය භාරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.

No comments:

Powered by Blogger.